පුටින් නෙරපා දැමීමේ හමුදා ක්‍රමන්ත්‍රණයක්



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් නෙරපා දැමීමට රුසියන් හමුදාව කුමන්ත්‍රණයක් සැලැසුම් කර ඇති බවත්, එම සැලැසුම් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බවත් යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වන මේජර් ජනරාල් කයිරියෝල් බුඩනෝව් පවසා ඇත.

යුක්රේන ජනරාල්වරයා මෙසේ පවසා ඇත්තේ 'ස්කයි නිවුස්' පුවත් නාළිකාව සමඟ එක් වී, යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වූ අවස්ථාවේදීය.

එලැඹෙන අගෝස්තු මස අවසන් වන විට රුසියන් යුක්රේන අර්බුදය කිසිම් සන්ධිස්ථානයකට ළං වනු ඇති බවත්, ඒ වනවිට ජනාධිපති පුටින්ට යුක්රේනය ආක්‍රමණය කර ගැනීමට නොහැකි වුවහොත්, රුසියන් හමුදා කුමන්ත්‍රණයෙන් ඔහුට ධුරය අහිමි වනු ඇති බවත් යුක්රේන ජනරාල්වරයා පැහැදිලි කර තිබේ.

එසේ වුවහොත් රුසියාව කඩා වැටෙනු ඇති බවත්, රුසියාව තව දුරටත් ලෝක බලවතකු නොවනු ඇති බවත් ජනරාල්වරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS