පිලිපීනයේ මගී පාරුවක ගින්නක්



දකුණු දිග පිලිපීනයේ මගී පාරුවක ගින්නක් හටගත්තේය. එම අවස්ථාවේදී පාරුව මගීන්ගෙන් පිරී තිබුණි. ගින්නට හසුවීමෙන් 12 දෙනෙකු මියගිය බවත් 230 දෙනකු බේරා ගැනීමට හැකි වුණු බවත් මාධ්‍ය වාර්තා කළේය.

ගින්න හටගත්තේ ‘ලේඩි මේරි ජෝයි’ නමැති පාරුවේය. පාරුව, මගීන් පටවා ගනිමින්, මින්ඩැනෝ දූපතේ සිට ජෝජෝ දූපත දක්වා යාත්‍රා කිරීමට නියමිතව තිබුණු බව පැවැසෙයි.

ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 14 ක් බවත්, හත් දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. පාරුවේ ඉඩකඩ ඇත්තේ 205 කට පමණක් බවත්, ගින්න හටගන්නා අවස්ථාවේදී එහි පමණ ඉක්මවා මගීන් පිරී සිටි බවත් වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS