පැසිෆික් සාගරයේ සුනාමි අනතුරු



පැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවත් සමඟ අවට රටවල්වලටත් දූපත්වලටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 37 ක් මුහුදු පතුලේය. පැසිෆික් සුනාමි අනතුරු අඟවීමේ ඒකකය, පැසිෆික් සාගර කලාපයේ රටවලට සහ දූපත්වලට අනතුරු ඇඟවා තිබුණේ මීටර් 3 ක් උස සුනාමි රළ කඩා වදිනු ඇති බවටය.

(රොයිටර්)


RECOMMEND POSTS