පැය 24 ක් ඇතුළත 832 ක් මැරිලා



ස්පාඤ්ඤයේ ගතවුණු පැය 24 ඇතුළත අටසිය තිස් දෙදෙනකු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණැයි පැවැසෙයි.

ඒ අනුව, ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 5,690 ක් බව ස්පාඤ්ඤ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ස්පාඤ්ඤයේ කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 72,248 තෙක් ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS