පැය 24 ඇතුළත මරණ 1,000 ක්
ගතවුණු පැය 24 ඇතුළත බ්‍රසීලයෙන් 'කොවිඩ් 19' මරණ 1,000 ක් වාර්තා විය. මේ වනවිට ලොව දෙවැනියට වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ද ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයෙනි.
මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 411,821 කි. මරණ 25,000 පසු කර තිබේ. වයිරසය දරුණු ලෙස පැතිර යන්නේ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේය.
(රොයිටර්)