පාප්තුමෝ ජපානයට



තායිලන්ත සංචාරය අවසන් කිරීමෙන් පසු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ඊයේ (23) ජපානය බලා පැමිණියේය.

ජපාන අගමැති ෂෙන්සෝ අබේගෙන් පාප්තුමන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. ජපානයේ දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කරන අගමැතිවරයා වන්නේ ද ෂෙන්සෝ අබේ ය.

82 හැවිරිදි පාප්තුමන් ජපාන සංචාරයට පැමිණියේ සාමයේ පණිවුඩය රැගෙන ලොව න්‍යෂ්ටික අවිවලින් තොර සාමකාමී තැනක් බවට පත් කරමු යන යෝජනාව ද සමඟය.

පාප්තුමන් හිරෝෂීමා සහ නාගසාකී යන නගරවල සංචාරය කිරීමට නියමිතය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූයේ ඇමෙරිකා හමුදා හිරෝෂීමා සහ නාගසාකී යන නගරවලට පරමානු බෝම්බ හෙලීමෙන් පසුවය. මිනිසා න්‍යෂ්ටික අවි භාවිතයට ගත් පළමු අවස්ථාව මෙයයි.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS