පාප්තුමා පාද දෝවනයේ



මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, රෝමයේ බන්ධනාගාරයකට ගොස්, කාන්තා රැදෙවියන් 12 දෙනකුගේ පාද දෝවනය කළහ.

මහා බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙයක් අතරතුර දී කාන්තාවන් 12දෙනෙකුගේ පමණක් පාප් වහන්සේ විසින් පාද දෝවනය කරනු ලැබූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

87 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවද්දී පවා රෝමයේ රෙබිබියා බන්ධනාගාරයේ මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සහභාගී වීම විශේෂත්වයකි.

පාද දෝවනය කිරීමේ චාරිත්‍රය පාස්කු ඉරිදාට පෙර බ්‍රහස්පතින්දා සිදුවන අතර, ජේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ ඔහුගේ ගෝලයින්ගේ පාද සේදීම එමඟින් සංකේතවත් කරනු ලබයි.


RECOMMEND POSTS