පාප්තුමන්ට සැත්කමක්



රෝමයේ ගැමේලී ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට උදර සැත්කමක් සිදු කළ බව වතිකානය පවසයි.

වෛද්‍යවරුන් උපුටා දක්වමින්, වතිකානය වැඩි දුරටත් නිවේදනය කළේ හර්නියා තත්ත්වයක් හේතුවෙන් 86 හැවිරිදි පාප්තුමා මෙම සැත්කමට භාජන කළ බවය.

සැත්කමින් පසු දින කීපයක් රෝහලේ රැඳී සිටීමට පාප්තුමන්ට සිදුවනු ඇතැයි ද පැවැසෙයි. මාස කීපයක් ඇතුළත පාප්තුමන් මෙසේ රෝහල්ගත කෙරුණේ දෙවැනි වරටය.


RECOMMEND POSTS