පාප්තුමන්ගෙන් භෝජන සංග්‍රහයක්
නිවාස අහිමි පිරිස් සහ යාචකයන් 1,500 දෙනකු වෙනුවෙන්, ශුද්ධෝත්තම පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් වතිකානයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. දිවා භෝජන සංග්‍රහය පැවැත්වූයේ ඉරිදා දේව මෙහෙයට සමගාමීවය.
ෆ්‍රැන්සිස් පාප්තුමන් මැදිහත් වී භෝජන සංග්‍රහය සංවිධානය කළේ ඒ අනුවය.
ලසඤ්ඤා, කුකුළු මස්, හතු ක්‍රීම් සෝස්, අර්තාපල්, රස කැවිලි, පළතුරු සහ කෝපි භෝජන සංග්‍රහයට අන්තර්ගත විය. භෝජන සංග්‍රහයට සමගාමීව, විශේෂඥ වෛද්‍ය සායනයක් ද පැවැත්විණි.
වතිකානයේදීය (ඒ.එෆ්.පී.)