පාකිස්තානයේ පෝලියෝ



පාකිස්තාන බලුකිස්තානයේ ක්වෙටා නගරයේ පෝලියෝ වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පකිස්තාන සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.

පසුගිය දින කීපයේ දී හමුවුණු පෝලියෝ රෝගීන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

නිසි පරිදි පෝලියෝ එන්නත් ලබා දීම සිදු නොවීම පෝලියෝ ව්‍යාප්තියට හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරමින් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS