පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට අයි.එස්. ප්‍රහාරයක්



වයඹදිග පාකිස්තනයේ කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ බජෝර් දිස්ත්‍රික්කයේ, කහාර් නගරයේ පැවැත්වුණු දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බාර ගත් බව පැවැසෙයි.
බෝම්බ ප්‍රහාරයෙන් 55 දෙනකු බිලිවුණු බවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ පිහිටා ඇත්තේ ඇෆ්ගන් දේශසීමාවට යාබදවය.

බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ජමියාත් උලෙමා ඊ ඉස්ලාම් නමැති අන්තවාදී අදහස් ඇති දේශපාලන පක්ෂයේ රැස්වීමකටය. බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, පක්ෂ සාමාජිකයන් 400 දෙනකු සහ පක්ෂ ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් රැස්වීම පැවැත්වෙමින් තිබුණි.

ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වෙයි. මොවුන් පාකිස්තානයට පමණක් නොව, ඇෆ්ගන් තලේබාන් පාලනයට ද තර්ජනයකි.


RECOMMEND POSTS