පාකිස්තානයේ ගෑස් කාන්දුවකින් 16 ක් මරුට



පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ, ක්වෙටා අගනුවර සිදුවුණු ගෑස් කාන්දුවක් හේතුවෙන් කුඩා දරුවන් ද ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ගෑස් කාන්දුව සිදුවී ඇත්තේ නිවාස පෙළකට අයත් එක් නිවසකිනි. ගෑස් කාන්දුවත් සමඟ මහා පිපිරීමක් සහ ගින්නක් හටගත්තේය. මියගිය පිරිස අතර එකම පවුලේ 6 දෙනෙකු ද සිටින බව පැවැසෙයි. පිපිරුමට හසුවීමෙන් කාන්තාවන් සිවු දෙනකු තුවාල ලැබූ බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS