පාකිස්තානයට එන්නැයි නවාස් ෂරීෆ්ට ඇරැයුමක්



මැතිවරණ උණුසුමත් සමඟ, මුස්ලිම් ලීගයේ මැතිවරණ කටයුතුවලට සහාය දැක්වීමට යළි පාකිස්තානයට එන්නැයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට, ඔහුගේ බාල සහෝදරයා වන වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඇරැයුම් ලැබී තිබේ.

2019 වසරේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නවාස් ෂරීෆ් පදිංචි වී සිටින්නේ ලන්ඩනයේය.
පාකිස්තානයට පැමිණීමෙන් පසු මුස්ලිම් ලීගයේ නායකත්වය යළි නවාස් ෂරීෆ්ට ලබා දීමට ද අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කැමැත්ත පළ කර තිබේ. ෂහ්බාස් ෂරීෆ් මෙසේ කැමැත්ත පළ කළේ පාකිස්තාන මුස්ලිම් ලීගයේ මධ්‍යම මහා සභා රැස්වීම අමතමිනි.


RECOMMEND POSTS