පාකිස්තාන පාසලක බෝම්බයක් පිපිරේ



පාකිස්තානයේ උතුරු දෙසින් පිහිටි පෙෂාවෝර් නුවර මද්‍රාසා පාසලකට බෝම්බයක් පුපුරා යෑමෙන් අධ්‍යාපනය ලබමින් සිටි දරුවෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

 

බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ගණන 13 කි. ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැති අතර පාකිස්තාන ආරක්ෂක අංශ පවසා ඇත්තේ එය සුන්නි ෂියා මුස්ලිම්වරුන් ගැටුමක් විය හැකි බවය.

පෙෂාවෝර් නගරය පිහිටා ඇත්තේ පාකිස්තාන ඇෆ්ගන් දේශසීමාවේය. තලේබාන් ප්‍රචණ්ඩ ක්‍රියා දරුණු නගරයක් ලෙස මෙම නගරය සැලකෙයි. මීට සය වසරකට පෙර, පෙෂවෝර් හමුදා පුහුණු පාසලකට තලේබාන් ප්‍රහාරයක් එල්ල වී 150 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පේෂාවෝර්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS