පාකිස්තාන නගර රැසක් තවමත් අඳුරේ



පාකිස්තානයේ නගර රැසක විදුලි බල සැපැයුම තවමත් යථා තත්ත්වයට පත් වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ජාතික විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටුණේ ඊයේ (23) උදෑසන 7.34 ටය.

අද (24) වනවිට ප්‍රධාන නගර කීපයක පමණක් විදුලි බලය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණු බව ද බලශක්ති අමත්‍යාංශය පැවැසීය.

රට පුරා විදුලිය විසන්ධි වීමෙන් පීඩාවට පත් වූ පාකිස්තානුවන් ගණන මිලියන 220 කි.

පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එම ආර්ථික අර්බුදය හේතුවෙන් බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වී ඇත. පසුගිය කාලය පුරා දිනකට පැය ගණනින් විදුලි කප්පාදු කිරීමට පාකිස්තාන රජයට සිදුවිය. දෛනිකව නොකඩවා විදුලිය සැපැයීම විදුලි බල අමත්‍යාංශ බලධාරීන්ට අභියෝගයක් වී ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS