පාකිස්තාන අගවිනිසුරුගේ වැටුප ජනපති වැටුපට වැඩියි



පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලබා ගන්නා වැටුප එරට ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ ලබා ගන්නා වැටුපට වැඩි යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තාන ජනාධිපතිවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 896,550 ක් බවත් අග්‍රාමාත්‍යවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 201,574 ක් බවත් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

පාකිස්තාන අගවිනිසුරුවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 1,527,399 ක් වන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පාකිස්තාන රුපියල් 1,470,711 වැටුපක් ලබා ගන්නා බවත් පැවැසෙයි.

පාකිස්තාන රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දත්ත පදනම් කර ගනිමින් එරට පුවත් සේවා මේ බ ව වාර්තා කර තිබේ. ඒ අනුව පාකිස්තානයේ වැඩිම වැටුපක් ලබා ගන්නා නිලධාරීන් අතර ප්‍රථම ස්ථාන​යේ සිටින්නේ අග විනිසුරුවරයා බවත් දෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බවත් ජනාධිපතිවරයා තෙවැනි ස්ථානයේ සිටින බවත් මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ වැටුප එරට අමාත්‍යවරයකුගේ වැටුපට වඩා අඩු බව ද පැවැසෙයි. පාකිස්තාන අමාත්‍යවරයකු පාකිස්තාන රුපියල්  338,125 ක වැටුපක් ලබා ගන්නා බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS