පාකිස්තාන අගමැති උපදේශක ධුරයෙන් නෙරපයි



පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාර් උල් හක් කහාර්ගේ උපදේශක ලෙස කටයුතු කරමින් සිටි අහද් චීමා එම ධුරයෙන් නෙරපා දැමීමට පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි පියවර ගෙන ඇතැයි හරට මාධ්‍ය පවසයි.

ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ පාකිස්තාන මැතිවරණ කොමිසම නිකුත් කර නියෝගයකට අනුව යමිනි. පාකිස්තාන මැතිවරණ කොමිසම පෙන්වා දී ඇත්තේ, විනිවිදභාවයෙන් යුත් මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම්, පළමුවෙන් අහද් චීමා අග්‍රාමත්‍ය උපදේශක ධුරයෙන් ඉවත් කළ යුතු බවය.

දිනෙන් දින ප්‍රමාද වුණු පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS