ප්‍රබල භූමි කම්පාවෙන් ඉන්දුනීසියාව කැලැඹේ



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් ලෙසය.

භූමි කම්පාවේ අපිකේන්ත්‍රය, ‘ආචේ’ ප්‍රාන්තයේ සිංග්කිල් නගරයේ සිට කිලෝ මීටර් 48 ක් දුරින්, කිලෝ මීටර් 48 ක් මුහුදු පතුළේ හටගත් බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ඒකකය පසුව නිවේදනය කර තිබුණි.

භූමි කම්පාවෙන් ජීවිත හානි සිදුවුණු බව හෝ දේපොල හානි සිදුවුණු බව හෝ වාර්තා වී නැත. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ‘ගිනි වළල්ල’ යන නමින් හැඳින්වෙන භූ තැටි මායිමට ඉහළිනි. එහෙයින් භූමි කම්පා හට ගැනීම සුලබය.

(රොයිටර්)


RECOMMEND POSTS