ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලැඹේ



රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලැඹිණි. භූමි කම්පාව හටගත්තේ නේපාලවේ වේලාවෙන් උදේ 8.13 ට ය.

භූමි කම්පාවෙන් දැඩි හානි සිදුවූයේ කත්මණ්ඩු අගනුවරට කිලෝ මීටර් 10 ක් නැගෙනහිර දෙසින් පිහිටි කොටාන් දිස්ත්‍රික්කයටය. නිවාස කීපයකට හානි සිදුවුණු බවත් කීප දෙනකු තුවාල ලැබූ බවත් නේපාල මාධ්‍ය වාර්තා කර තිබේ.

නේපාලය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූමි කම්පා හට ගැනීම සාමාන්‍ය දෙයකි. 2015 දී රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් නේපාලය කැලැඹිණි. එයින් මියගිය ගණන 8,964 කි. තුවාල ලැබූ ගණන 22,000 කට වැඩිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS