ප්‍රබල භූමි කම්පාවකින් චීනය කැලැඹී 46 ක් මරුට



ගිනිකොණදිග චීනයට බල පෑ ප්‍රබල භූමි කම්පාවකින් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයක් සටහන් කළේය.

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවත්, තුවාලකරුවන්ගෙන් රෝහල් පිරී යමින් පවතින බවත් චීන මාධ්‍ය වාර්තා පවසයි.

භූමි කම්පාවෙන් පසු පළාත් රැසකට විදුලිය බලය ද අහිමි වී තිබේ. භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවූයේ චෙංග්ඩූ නගරයටය.

(රොයිටර්)


RECOMMEND POSTS