ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹේ



රික්ටර් පරිමානයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාවේ නැගෙනහිර නූසා ටෙන්ගාරා ප්‍රාන්තය ඊයේ (14) කැලැඹිණි.

භූමි කම්පාවත් සමඟ ඉන්දුනීසියාවට අයත් දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් වෙත යොමු කිරීමට ද පියවර ගැණුනි.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ ඉන්දුනීසියාව අසල ෆ්ලෙරෙස් මුහුදේ කිලෝ මීටර් 12 ක් ගැඹුරින් යැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ප්‍රධාන භූ කම්පනයෙන් පසු රික්ටර් පරිමානයේ ඒකක 5.6 ක් සටහන් කළ පසු කම්පන කීපයක් ද හටගෙන ඇත. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා ඇති වීම ස්වභාවිකය.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS