ප්‍රතිකාර සඳහා නවාස් ෂරීෆ් ලන්ඩනයට
දැඩි ලෙස රෝගීව සිටින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් විශේෂ ගුවන් යානයකින් ලන්ඩනය බලා ගියේය. ඒ, ප්‍රතිකාර සඳහාය.
මූල්‍ය වංචා සහ අයථා මුදල් රැස්කිරීම ආදී චෝදනාවලට ලක් වී ඊට වරදකරු වීමෙන් පසු බන්ධනාගාරගතව සිටිද්දී නවාස් රෝගී වූයේය. රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් හිටපු අගමැතිවරයාට ඇප නියම විය.
69 හැවිරිදි ෂරීෆ් ලන්ඩන් බලා ගියේ ඔහුගේ බාල සොයුරා සහ පෞද්ගලික වෛද්‍යවරයා ද සමඟ යැයි පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂය පවසා ඇත. පාකිස්තාන මුස්ලිම් ලීගය එන් යනු නවාස් ෂරීෆ්ගේ දේශපාලන පක්ෂයයි.
(අල් ජසීරා)