ප්‍රංශයේ හිටපු ජනපති වැල්රි ගිස්කාද් මියයයි



ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන වැලරි ගිස්කාද් දෙස්ටින් අභාවප්‍රාප්ත වූ බව ප්‍රංශ පුවත් සේවා ඊයේ (3) වාර්තා කළේය.

වැලරි ගිස්කාද්ගේ මරණයට හේතුව ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයි ද පැවැසෙයි.

මධ්‍යම දක්ෂිණාංශික ජනාධිපතිවරයකු වන වැලරි ගිස්කාද් දෙස්ටින් ප්‍රංශයේ ජනාධිපති ධුරය හෙබවූයේ 1974 සිට 1981 තෙක් කාලයේය. මියයනවිට ඔහු 94 වියෙහි පසුවිය.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS