ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ



ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.

කොන්සවර්ටිව් පාක්ෂිකයකු වන 73 හැවිරිදි මිකෙල් බානියේ, මහා බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි්‍රක්සිට්’ ක්‍රියාවලියේ දී බි්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වීමේ දී යුරෝපා සංගමයේ නියෝජිතයකු ලෙස කටයුතු කර ඇත.

ප්‍රංශයේ දේශපාලන අර්බුදයක් පවතී. ඒ, හදිසියේ පැවැත්වුණු ප්‍රංශ මැතිවරණයේ දෙවැනි සහ අවසන් යටයේ දී දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට වඩා, වාමාංශික දේශපාලන පක්ෂ එක් වී, පිහිටුවාගත් සන්ධානයට වැඩි බලයක් හිමිවීමත් සමඟය. 

වැඩි බලයක් හිමිවුවත්, රජයක් පාර්ලිමේන්තුවේ බහුතරය කිසිදු පක්ෂයකට හිමි නොවිණි. මැක්රොන් මධ්‍යස්ථමතධාරියෙකි. මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරීන්ට පවා රජයක් පිහිටුවීමට හැකියාවක් ලැබී නැත.

මෙම අර්බුදය හේතුවෙන්, දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් ද පසු, මැතිවරණය පවත්වා දින 50 ක් ගතවෙද්දී, භාරකාර රජයක් පිහිටුවීමට කටයුතු යෙදුණු අතර, එහි අග්‍රාමාත්‍ය ධුරය සඳහා ජනපති මැක්රොන් තෝරා ගත්තේ මිකෙල් බානියේය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS