පරිසරයට හානිවන බලාගාර ගැන සොයන්න



රුසියාවට අයත් සයිබීරියාවේ නදියකට ඩීසල් කාන්දුවීමේ සිදුවීමෙන් පසු පරිසරයට හානිවන අයුරින් ඉදිකර ඇති බලාගාර තිබේදැයි වහා සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රුසියානු අධිකරණයක් එරට පරිසර අමත්‍යාංශයට නියෝග කර ඇත.

මෙම ඩීසල් කාන්දුව සිදුවූයේ මීට දින කීපයකට පෙරය. ඩීසල් ටොන් 20,000 කාන්දු වූයේ ආක්ටික් වෘත්තයට අයත් අම්බර්නායා නදියටය. ඩීසල් කාන්දුව හේතුවෙන් නදියේ ජලය තද රතු පැහැයට හැරුණි. තෙල් කාන්දුව කිලෝ මීටර් 12 ක් දිගට පැතිරුණු අතර පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකාවලට එය පහසුවෙන් දැකිය හැකිවිය. ඩීසල් කාන්දුව සිදුවූයේ අම්බර්නායා නදිය අසල ඉදිකර ඇති විදුලි බලාගාරයකිනි.

කාන්දුව සිදුවූ මහා පරිසර හානියක් සිදුවන තුරු බලාගාරයේ කිසිවකු දැන සිටියේ නැතැයි පැවැසෙයි. බලාගාරය හිමි ‘නරිල්නක්ස් නිකල්’ සමාගමටය. ලොව ප්‍රමුඛ පෙළේ නිකල් සහ පැලැඩියම් ලෝහ නිෂ්පාදකයා වන්නේ මෙම ‘නරිල්නක්ස් නිකල්’ සමාගමය.

මහා පරිසර විනාශයක් සිදුවී ඇතැයි අනාවරණය කළේ සමාජ මාධ්‍ය සහ රුසියන් පුවත් සේවාය. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පළමුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය. ඉන්පසු ඔහු බලාගාරයේ ප්‍රධානී වැෂෙලේව් කැඳවා දොස් පැවැරුවේය.

රුසියාවේ හදිසි ආපදා කළමණාකරණ දෙපාර්ගමේන්තුවේ යිල්ගෙනි සිනිචෙන් ජනපති පුටින්ට පෙන්වා දී ඇත්තේ, නොරිල්ස්ක් බලාගාරයේ බලධාරීන්, කාන්දුව ගැන දැන ගැනීමෙන් පසු දින දෙකක් එය පාලනය කර ගැනීමට උත්සහ ගෙන ඇති බවත්, එම උත්සාහය අසාර්ථක වූ හෙයින් කම උදව් ඉල්ලා සිටි බවය. සිද්ධිය ගැන වහා විමර්ශනයක් ආරම්භ කිරීමට ජනපති පුටින් උපදෙස් දුන් අතර, වැෂෙලේව් අත්අඩංගුවට ගැණුනි.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS