පතල් අනතුරක්: 6 ක් සිරවෙති



ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියා රාජ්‍යයේ ගල් අගුරු පතලකන පිපිරීමක් සිදුවී පතල් සේවකයන් නව දෙනෙකු මියගිය බවත්, තවත් හය දෙනකු පතල තුළ සිරවුණු බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි.

පිපිරීම සිදුවූයේ පසුගිය පළමු වැනිදා එල් සූලියා නමැති නගරයේ ගල් අඟුරු පතලකය. ඒ, ගෑස් කාන්දුවක් හේතුවෙනි. පතල ගැඹුරේ සිරවුණු සය දෙනා බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිවා රෑ නොබලා සිදුවෙමින් පවතී. සිරවුණු සය දෙනා බේරා ගැනීමට කාලය සමඟ සටන් කිරීමට සිදුවී ඇති බව බලධාරීහු පවසති.

(රොයිටර්)


RECOMMEND POSTS