පණ ඇති දේ ඡායාරූප පුවත්පත්වල පළ කරන්න එපා



පණ ඇති කිසිම දෙයක් ඡායාරූපයට නැගීම හෝ එම ඡායාරූප පුවත්පත්වල පළ කිරීම තහනම් බවත්, එසේ පළ කරන්නේ නම්, ඊට අදාල මාධ්‍යවේදීන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකන් හමුදා පිටවී යෑමන් පසු, ඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන්ගේ ග්‍රහණයට නතු විය. තලේබාන්වරුන් රජයක් පිහිටුවා ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාත්මක කළේ ඉන්පසුවය. ෂරියා නීතිය යටතේ බාලිකා අධ්‍යාපනය තහනම් වුණු අතර, රජයේ රැකියා කළ කාන්තාවන් සියලු දෙනා නිවෙස්වල සිටින්නැයි නියෝග කෙරුණි. ඊට අමතරව, පණ ඇති කිසිම දෙයක් ඡායාරූපයට නැගීම තහනම් කරමින් නව නීති පැනැවිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS