නේපාල පාර්ලිමේන්තුව විසුරුවයි



නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට, එරට ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී තීරණය කළාය. ඒ අනුව, නේපාල මහ මැතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිතය.

'පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිනිය කටයුතු කළා. ඒ අනුව අදියර දෙකකින් මහ මැතිවරණය පැවැත් වීම සිදුවෙනවා. පළමු අදිරය නොවැම්බර් 12 වැනිදාත් දෙවැනි අදියර නොවැම්බර් 19 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා' යැයි නේපාල මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නේපාලයේ අග්‍රාමාත්‍ය වරයා වන්නේ පී.කේ. ෂර්මා ඕලි ය. ඕලි අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2018 මහ මැතිවරණයෙනි. ඒ නේපාල කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගත වී බලය බෙදා ගැනීමේ එකඟතාවකට අනුවය.

කෙසේ නමුත්, පැවැති මත ගැටුම් හේතුවෙන් එම සන්ධානය බිඳ වැටුණු අතර, ඕලී පසුගිය 2020 දෙසැම්බරයේ නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. කෙසේ නමුත් එය නීත්‍යාණුකූල නොවන බව අධිකරණය තීන්දු කළ අතර, ඕලී නේපාලයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න විය.

හටගත් දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස නව රජයක් පිහිටුවීමට,  ඕලි ට හෝ ප්‍රධාන විපක්ෂ නායකයා වන ෂෙර් බහුදුර් දියුඩා ට අවස්ථාවක් ලබා දුන් නමුත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වමින් නව රජයක් පිහිටුවීමට දෙදෙනාටම හැකියාවක් ලැබුණේ නැත.

ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මහ මැතිවරණයක් පැවැත්වීමටත් තීරණය කළේ ඉන් පසුවය.

කත්මණ්ඩු නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS