නේටෝ මූලස්ථානයේත් කොරෝනා



දකුණුදිග බෙල්ජියමේ මොන්ස් නුවර පිහිටි නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ හමුදා මූලස්ථානයෙන් ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවී ඇත.

නේටෝ සංවිධානයට අයත් හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පදිංචි නිවාස පිහිටා ඇත්තේ බෙල්ජියමේ මොන්ස් නුවර පිහිටි මෙම මූලස්ථානයේය.

වයිරසය ආසාදනය වී ඇත්තේ හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ටය. මෙම පිරිස පසුගිය දා ඉතාලියේ සංචාරයකට ගොස් ආපසු පැමිණි අය යැයි බෙල්ජියම් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

බ්‍රසල්ස් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS