නෙදර්ලන්තයේ යළිත් මුහුණු ආවරණ අනිවාර්යයි



මුහුණු ආවරණ පැලඳීම් නීතිය යළි හඳුන්වාදීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබේ. ඒ නෙදර්ලන්තයේ යළි 'කොවිඩ් 19' රැල්ලක් හටගෙන ඇති බැවිනි.

ඊට අමතරව 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කායවර්ධන මධ්‍යස්ථාන, කෞතුකාගාර වැනි පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කොරෝනා එන්නත් කාඩ්පත හෝ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම ද අනිවාර්ය වෙයි.

නෙදර්ලන්තය ඉකුත් ජූලි මාසයේදී වසංගතයේ උපරිමයට මුහුණදුන් අතර එයින් පසු ආසාදිතයන් අඩුවුණු බැවින් සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් පැනැවූ සීමා ලිහිල් කර තිබුණි. යළි ආසාදිතයන් ඉහළ යෑමට එය හේතුවක් වූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

(ඒ.ඒෆ්.පී.)


RECOMMEND POSTS