නිව්යෝක් යටවෙලා



මහ වැසි හේතුවෙන් නිව්යෝක් නගරයේ ස්ථාන කීපයකට හදිසි ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය. මේ නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද නිව්යෝක් නගර බලධාරීන් පියවර ගෙන තිබේ.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට, නිව්යෝක් නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති පමණක් නොව, ලග්වාර්දියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් ද වසා දමා ඇති බවය.

ජල ගැලීම් හේතුවෙන්, ගමන් ගමන කටයුතු මුළුමනින්ම ඇණහිට තිබේ. උමං දුම්රිය ගමන් ද නවත්වා දමා ඇත.


RECOMMEND POSTS