නිරෝධායන කාලය වෙනස් වෙයි



රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සදහා නිරෝධායන කාලසීමාව දින 10 සිට දින 5 දක්වා අඩු කිරීමට සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

ඊට අමතරව, ඔවුන් අන් අය සමීපයේ සිටින විට තවත් දින 5ක් අවම වශයෙන් ‘මාස්ක්’පැලදිය යුතු බව ද නව නීති හදුන්වා දෙමින් ඇමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසා තිබේ.

මීට අමතරව, සී.ඩී.සී. ආයතනය මගින් නිකුත් කර ඇති තවත් නව නිර්දේශයක් වන්නේ එන්නත්කරණය නොලැබූ හෝ දෙවැනි එන්නත් මාත්‍රාව ලබා මාස 6ක් ඉක්මවා බූස්ටර් එන්නත් නොලැබූ පුද්ගලයන් වයිරසයට නිරාවරණය වුවහොත් දින 5ක් නිරෝධායනයට ලක්විය යුතු බවය.

ඇමරිකාව විසින් මෙලෙස කොරෝනා නිරෝධායන රෙගුලාසි යාවත්කාලීන කර ඇත්තේ එරට නව ආසාදිතයන්ගෙන් සියයට 73ක් ඔමික්‍රොන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබියදී යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS