නිරවි යුද මානසිකත්වයෙන් බැහැර වෙන්න



නිරවි යුද මානසිකත්වයෙන් බැහැර වී, සමඟියෙන් හා සාමකාමීව එකිනෙකා සමඟ කටයුතු කරමින් සහජීවනයෙන් ජීවත් වීමට ලෝකය වෙනස් විය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.

එකිනෙකාට ගරු නොකර, එදිරිවාදිකම් කරමින් නිරවි යුද මානසිකත්වයකින් සිටින තාක්කල් ලෝකය සැමදා අර්බුදවලට මුහුණ දෙනු ඇති බව ද චීන ජනාධිපති ෂී ජින් පින් වැඩි දුරටත් පැහැදිලි කළේය.

චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ කියා සිටියේ අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ලෝක ආර්ථික සන්සදයේ ‘ඩාවෝස්’ ඔන්ලයින් සමුළුවට එක් වී ලෝක නායකයන් ආමන්ත්‍රණය කරමිනි.

“නිරවි යුද මානසිකත්වය ඉවත දමා සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී ප්‍රතිඵල සෙවීම කළ යුතුයි. එසේ නැතිනම එකිනෙකාගේ වැරදි සොයමින්, එකිනෙකාට තර්ජනය කර ගනිමින් සිටියහොත් ඉදිරි ගමනක් සිදු වන්නේ නැහැ. අද අපේ ලෝකය සාමකාමී නොවන වෛරය සහ අගතිය පිරි තැනක් බවට පත් වී ඇත්තේ මේ නිසයි. ලෝකයේ අප සැම එකමුතු වෙමින්, ලෝක සාමයට සහ ආරක්ෂාවට යහපතක් වන ආකාරයට කටයුතු කළ යුතුයි” යැයි චීන ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS