නියුමෝනියාව ගැන විමසිල්ලෙන්



මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්තානයෙන් නියුමෝනියා රෝගී තත්ත්වයට අදාළව වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිසක් ටර්ක්මෙනිස්තානයට ගොස් සිටින අතර ඔවුහු ද මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවෙති. එම පිරිස මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර දින දහයක ප්‍රමාදයකින් පසුව එය පැවැත්විණි.

රට තුළ ‘කොවිඩ්-19’ දැනටමත් ව්‍යාප්ත වීමට පටන් ගෙන නම් ආණ්ඩුව ඉතාම ඉක්මනින් ආශ්‍රිතයන් හඳුනාගැනීම (කන්ටෑක්ට් ට්‍රේසින්) ආරම්භ කළ යුතු යැයි මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපය සඳහා පත් කරන සිටින ජ්‍යෙෂ්ඨ ආපදා නිලධාරිනි කැතරීන් ස්මෝල්වුඩ් නිර්දේශ කළාය.

‘‘ටර්ක්මෙනිස්තානයෙන් වාර්තා වන නිව්මෝනියා තත්ත්ව සම්බන්ධයෙන් අපි විමසිල්ලෙන් පසුවෙනවා’’ යැයි ද ඇය කීවාය.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රට ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කළ ඇය ආණ්ඩුව ගත් එම ශක්තිමත් ක්‍රියාමාර්ග නැවත වරක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ද පෙන්වා දුන්නාය.

මිලියන 6කට ආසන්න ජනතාවක් වෙසෙන ටර්ක්මෙනිස්තානය මේ වනවිට කොරෝනා වයිරස 60,000ක් කර ඇතැයි නිල සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි.

‘‘ටර්ක්මෙනිස්තානය ගෙන ඇති පියවර රටේ ජනතාවට විතරක් නෙමෙයි සමස්ත මධ්‍යම ආසියාවට, යුරෝපයට මෙන්ම මුළු ලෝකයටම බලපෑම් කරනවා’’ යැයි ද ඇය පෙන්වා දුන්නාය.

රොයිටර්


RECOMMEND POSTS