නිකර්ගුවාව-වෙනිසුලාව-කියුබාව සහාය පළ කරයි
රුසියා ජනාපධිති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයට පහර දීමට ගත් තීරණය ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු බටහිර රටවල දැඩි අප්‍රසාදයටත් විරෝධයටත් හේතුවක් වෙද්දී, නිකර්ගුවාව, වෙනිසියුලාව සහ කියුබාව රුසියාවට සහාය පළ කර තිබේ.
රුසියන් ජනාධිපති පුටින් ප්රමුඛ රුසියන් රජය සේම, තමන් ද යුක්රේනයේ, රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ගේ පාලනයට නතු වුණු ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට පියවර ගන්නා බව නිකර්ගුවාව, වෙනිසියුලාව සහ කියුබාව නිකුත් කළ නිවේදනවල සඳහන් වෙයි.
රුසියාවේ සමීප හිතවතුන් වන ඉන්දියාව පමණක් නොව චීනය ද රුසියාව යුක්රේනයට පහරදීම සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද පැවැසෙයි.
කෙසේ නමුත් යුක්රේන අර්බුදයේදී රුසියාවේ ඉල්ලීම් සාධාරණ බවත්, කොන්දේසි විරහිතව රුසියාවට සහාය පළ කරන බවත් චීන ජනාපධිති ෂී ජින්පින් පවසා තිබේ.
(රොයිටර්)