නාසා යානය අලුත් මෙහෙයුමක් ආරම්භ කරයි



‘බෙන්නු’ නමැති යෝධ ග්‍රහකයෙන් පස් සහ දූවිලි සාම්පල රැගෙනවිත් ඒවා අඩංගු කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු ඇමෙරිකා නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ නමැති රොබෝ ගවේෂණ යානය අලුත් ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ග්‍රහකයේ පස් සහ දූවිලි සාම්පල පෘථිවියට මුදා හැරීමෙන් පසු ‘ඔසයිරස් රෙක්ස්’ යානය, යැව්වේ ‘ඇපොසිස්’ නමැති ග්‍රහකය නිරීක්ෂණයට යැයි නාසා ආයතනය වැඩි දුරටත් පවසයි. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, 2029 වසරේ දී ‘ඇපොසිස්’ ග්‍රහකයක බලා යනු ඇතැයි ද නාසා පැහැදිලි කර තිබේ.

නාසා ආයතනයට අයත් රොබෝ යානයක්, වසර 7 ක මෙහෙයුමක් අවසන් කර, පස් සහ දූවිලි සහිත කැප්සියුලයක් පෘථිවියට බාර දී තවත් අලුත් මෙහෙයුමක් බලා ගිය පළමු අවස්ථාව වන්නේ මෙයයි.


RECOMMEND POSTS