න්‍යෂ්ටික බලවතුන්ට පුටින්ගෙන් අනතුරු



න්‍යෂ්ටික බලවතකු නොවන රටක්, එවැනි න්‍යෂ්ටික බලැති රටක සහාය ලබා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් එය ‘ඒකාබද්ධ’ ප්‍රහාරයක් ලෙස සැලකන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 

රුසියන් ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ, රුසියන් යුක්රේන යුද්ධයේ දී, න්‍යෂ්ටික බලය ඇති බටහිර රටවල්, රුසියාවට පහර දීමට යුක්රේනයට සහාය පළ කරන බැවිනි. 

යුක්ර්නය න්‍යෂ්ටික බලවතකු නොවන අතර, යුක්රේනයට න්‍යෂ්ටික බලවතකුගෙන් එවැනි ප්‍රහාරයකට න්‍යෂ්ටික අවි ලැබිය හැකි යැයි බියක් නිර්මාණය වී ඇත.

රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි සම්බන්ධ සම්මත කරගත් නීති මාලාව උල්ලංඝනය කරමින් න්‍යෂ්ටික බලැති රටක් න්‍යෂ්ටික බලය නොමැති රටකට න්‍යෂ්ටික අවි දීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS