නෂ්ටික අවිහරණ කටයුතු ඉක්මණින් අවසන් කරන්න
එකඟ වූ පරිදි, න්‍යෂ්ටික අවිහරණ කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් මෙසේ ඉල්ලීමක් කළේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. ඊට හේතු වූයේ 2020 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට අභියෝග කළ හැකි ප්‍රධාන විපක්ෂ අපෙක්ෂකයා වනු ඇතැයි විශ්වාස කරන ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩන් කළ ප්‍රකාශයකි.
ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ ගැනීම, බයිඩන්ගේ විවේචනයට හේතුවක් විය. උතුරු කොරියා නායකයා කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවත්, ඔහු ‘පිස්සු බල්ලකු’ බවත් බයිඩන් පවසා තිබේ.
ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතරේ යහපත් සබඳතා ඇති කර ගැනීමට හැකි වනු ඇත්තේ තම පරිපාලනය යටතේ පමණක් බවත්, සම්බාධකවලින් මිදී ලෝකයට විවෘත වීමට කැමැති නම්, කඩිනමින් න්‍යෂ්ටික අවිහරණ කටයුතු අවසන් කර හොඳ හිත පෙන්වන්නැයි ද ජනපති ට්‍රම්ප් කිම් ජොන් උන් ට දන්වා ඇත.
2018 වසරෙන් පසු අවස්ථා තුනකදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවීම් තුනක් සිදුවෙයි. උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට පැමිණියේ සාමයට කැමැත්ත පළ කරමින්, න්‍යෂ්ටික අවිහරණ කටයුතු කඩිනමින් සිදු කරන බව පොරොන්දු වෙමිනි. කෙසේ නමුත් තවමත් පොරොන්දු වූ ආකාරයට න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු වී නැත.
ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් උතුරු කොරියා නායක නිම් ජොන් උන් සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ, කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ‘මෝඩයකු’ කර ඇති බවය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)