නවීන මාදිලියේ ආයුධ නිපදවන්න උතුරු කොරියාව සූදානම්
නවීන මාදිලියේ ප්‍රබල අවි නිෂ්පාදනය කිරීමේ අරමුණින්, අධි තෙරපුම් ඉන්ධන මෝටරයක් සාර්ථකව අත්හදා බැලීමට සමත් වුණු බව උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියාව නිපදවූ මෙම මෝටරයෙන් ඕනෑම ආකාරයක නව අවියක් පණ ගැන්වීමට හැකිවනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉතා කෙටි කාලයක් තුළදී මෙම මෝටරය නිපදවීමට හමුදාව සමත් වීම විශාල ජයග්‍රහණයක් යැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පෙන්වා දී ඇත.
උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි තිබේ. උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ද සිදු කරයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ ද උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් සිදු කරන මෙම අත්හදා බැලීම් නිසාය.
(රොයිටර්)