නවසීලන්තයේ ’ඩෙල්ටා’ ඉහළට



'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය ව්‍යාප්තවීමත් සමඟ, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් සහ වෙලිංටන් අගනුවරින් ආසාදිතයන් හමුවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රධානී ඈෂ්ලී බ්ලූම්ෆීල්ඩ් පවසයි.

'ඩෙල්ටා කියන්නේ එසේ මෙසේ කොවිඩ් 19 වයිරසය විකෘතියක් නොවෙයි. ඒක වෙනම අලුත්ම විදියේ වයිරසයක් හා සමානයි.' යැයි වෙලින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී ඈෂ්ලී බ්ලූම්ෆීල්ඩ් පෙන්වා දුන්නාය.

නවසීලන්තය යනු 'කොවිඩ් 19' වයිරසය ලොව පුරා පළමු වරට ව්‍යාප්ත වෙද්දී, එය ඉතාමත් සාර්ථක ලෙස පාලනය කර ගත් රාජ්‍යයකි. ඒ සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුම් පවා හිමි වී ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS