නවසීලන්තයේ හදිසි තත්ත්වය අවසන් නෑ



​‘ගෙබ්‍රියෙල්’ සුළි කුණාටුවෙන් සිදුවුණු දැඩි හානිය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය පැනැවූ හදිසි තත්ත්වය තව දුරටත් ක්‍රියාත්මක වන බව එරට අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා තිබේ.

නවසීලන්ත වැසියන් සුළි කුණාටුවෙන් බැට කැවේ මීට සතියකට පෙරය. සුළි කුණාටුවට හසුවී මියගිය ගණන 11 කි. දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය.

විපතට පත්වූවන්ට ආධාර ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 186 ක් වෙන් කිරීමට නවසීලන්ත රජය කටයුතු කර තිබේ. කෙසේ නමුත් විනාශයේ තරම අනුව විපතට පත්වූවන්ට ආධාර වශයෙන් ඩොලර් බිලියන 8 ක් වැය වනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS