නවසීලන්තයේ තවම ’ඔමික්‍රෝන්’ නෑ



නවසීලන්ත සමාජයෙන් තවමත් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වී නැතැයි 'ඔමික්‍රෝන්' ආසාදිතයන් සෙවීමට ජාන විශ්ලේෂණ පරීක්ෂණ නොකඩවා සිදුවන බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

විදේශවල සිට පැමිණි 'කොවිඩ් 19' ආසාදිතයන් අතරේ 'ඔමික්‍රෝන්' ආසාදිතයන් සිටි නමුත් ඔවුන් වහා නිරෝධායනයට ලක් කෙරුණු බැවින්, 'ඔමික්‍රෝන්' සමාජගතවීමක් තවමත් වාර්තා වී නැති බව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

මේ අතර, නවසීලන්ත වැසියන් නත්තල සැමරුවේ, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, පැනැවූ තහංචි මධ්‍යයේය. 'ඔමික්‍රෝන්' විකෘතිය මේ වනවිට රටවල් 86 කට වඩා වැඩි ගණනකට ව්‍යාප්ත වී අවසන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහක් වෙයි‍.

නවසීලන්තයේ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙයි. මේ වනවිට එරට ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගත් පිරිස සියයට 95 කි. නවසීලන්තයේ ජනගහනය මිලියන 5.5 ක් වන අතර, මෙතෙක් වාර්තා වී ඇත්තේ 'කොවිඩ් 19' මරණ 50 ක් පමණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS