නවසීලන්තයේ කොරෝනා ආසාදිතයෝ නෑ
මාර්තු 16 වැනිදායින් පසු නවසීලන්තයෙන් කිසිම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදියකු හමුවී නැති බව නවසීලන්ත සෞඛ්‍ය ප්‍රධානී ඈෂ්ලි බ්ලූම්ෆීල්ඞ් මාධ්‍ය හමුවේ පැවැසුවේය.
නවසීලන්ත රජයට ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වූයේ පසුගිය සති කිහිපය පුරා සිදු කළ ලොක්ඩවුන් ක්‍රියාවලිය හේතුවෙන් යැයි පැවැසෙයි.
ඉදිරියේ දී ලොක්ඩවුන් තහංචි ලිහිල් කළත්, ජනතාවට සමාජ දුරස්ථභාවය රැක ගනිමින් තම දෛනික කටයුතුවල නියැලීමට සිදුවුනු ඇති බව ද සෞඛ්‍ය ප්‍රධානී ඈෂ්ලි බ්ලූම්ෆීල්ඞ් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)