නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම බය කළේ ඉන්දියාව



පාකිස්තාන සංචාරය සම්බන්ධයෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම බියට පත් කළ ඊමේල් පණිවුඩය, නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට යවා ඇත්තේ ඉන්දියාව යැයි පාකිස්තාන ජනමාධ්‍ය අමාත්‍ය ෆවාද් වෞද්‍රි චෝදනා නගයි.

ක්‍රිකට් තරගාවලියකට පාකිස්තානය බලා ගිය නවසීලන්ත කණ්ඩායම, එම තරගාවලිය අත්හිටුවා ආපසු ගියේය. ඒ, නවසීලන්ත ක්‍රීඩකයන්ට එරෙහිව 'ත්‍රස්ත ප්‍රහාරයක්' එල්ලවීමේ අවදානමක් පැවැති බැවිනි.

නවසීලන්ත ක්‍රිකට් මණ්ඩලය කියා සිටියේ, පැහැදිලි අනතුරක් ගැන ප්‍රබල සාක්ෂි ලැබුණු බැවින් තම කණ්ඩායම ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත් බවය.

නවසීලන්ත කණ්ඩායමට මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ඊ මේල් පණිවුඩයකින් බව පසුව අනාවරණය විය. පාකිස්තාන ජනමාධ්‍ය අමාත්‍ය ෆවාද් වෞද්‍රි චෝදනා කර ඇත්තේ තම ආරක්ෂක සහ බුද්ධි අංශ ඒ ගැන සොයා බැලීම් කළ බවත්, එම ඊ මේල් පණිවුඩය ඉන්දියාවේ සිට සිංගප්පූරුව හරහා යවනු ලැබූවක් බව අනාවරණය වී ඇති බවත්ය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS