නවසීලන්ත අගමැතිනිය දෙවැනි වරට දිවුරුම් දෙයි
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස තවත් තෙවසරක කාලයක් සඳහා ජැසෙන්ඩා එර්ඩර්න් අද (6) දිවුරුම් දුන්නාය.
එර්ජර්න් නායකත්වය දෙන්නේ නවසීලන්ත කම්කරු පක්ෂයටය. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට සමත් වූ බැවින්, පසුගිය ඔක්තෝබර් 17 වැනිදා පැවැති මහපමැතිවරණයෙන් කම්කරු පක්ෂය බහුතර බලයක් ද සමඟින් අති විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය.
එර්ඩර්න් සිය නව කැබිනට් මණ්ඩලය මීට දින කීපයකට පෙර පත් කළ අතර, ඇය අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ කැබිනට් මණ්ඩලය ඉදිරියේය. ජනතා විශ්වාසය තහවුරු කරමින්, කොවිඩ් 19 වයිරස වසංගතය හේතුවෙන් සිදුවුණු ආර්ථික අභියෝග ජය ගනිමින්, ජනතා විශ්වාසය දිනා ගැනීමට පියවර ගන්නා බව එර්ඩන් දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙමින් පොරොන්දුවක් දුන්නාය.
වෙලිංටන්හිදීය (රොයිටර්)