නවසීලගන්ත වැසියෝ විරෝධතාවක
නවසීලන්ත වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පවත්වයි. ඒ, නවසීලන්තයේ ආදිවාසී මෞරි ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරන ආකාරයේ නව පනත් කෙටුම්පතක් පාර්ලින්තුවට ඉදිරිපත් කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇති බැවිනි.
මෞරිවරුන් ද ඇතුළු නවසීලන්ත වැසියන් 42,000 ක පිරිසක් එම විරෝධතාවට එක්වුණු බව පැවැසෙයි. මෙම පනත හඳුන්වාදීමට මූලිකත්වය ගත්තේ ‘ලිබටේරියන් නිව්සීලන්ඩ්’ පක්ෂයයි.
බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් සහ ආදිවාසී මෞරි ජනතාව අතරේ අත්සන් කළ, ‘වයිටාංගි’ නමැති, වසර 184 ක් පැරැණි ගිවිසුම යළි අර්ථකතනය කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පතට ඇතුළත් වෙයි.
පසුගිය දා පනත් කෙටුම්පත ඡන්ද විමසීම සඳහා නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට, නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින මෞරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය කඩාකප්පල් කිරීම සඳහා විරෝධය පළ කරමින් සාම්ප්‍රදායික ‘හකා’ නර්තනයේ යෙදුණාහ. එය පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවක් වූ බව ද පැවැසිණි.