නවදිල්ලියෙත් විරෝධතා
ඉන්දීය රජයේ නව පුරවැසි පනතට විරෝධය පළ කරමින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ද විරෝධතා රැලි පැවැත්වෙයි.
පොලිස් අණ නොතකා වීදි බැස සිටි විරෝධතාකරුවන් රජයේ දේපාලවලට හානි කරමින්, බස් රථ සහ යතුරු පැදි ගිනි තබන්න වූහ. සිවිල් සංවිධාන, විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා සඳහා එක් වී සිටින බව පැවැසෙයි.
විරෝධතා ආරම්භ වූයේ නවදිල්ලියේ කීර්තිමත් ජමියා මිලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලයේ සිසුන් විරෝධතා පා ගමනක් සංවිධානය කිරීමත් සමඟය. සාමකාමීව ආරම්භ වුණු එම විරෝධතා පා ගමන ප්රචණ්ඩ වූයේ පොලිසිය එය විසුරුවා හැරීමට උත්සාහ ගත් නිසා යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මීට අමතරව තමිල්නාඩුවේ චෙන්නායි නුවරත්, බටහිර බෙංගාලයේත්, ඇසෑම් ප්‍රාන්තයේත් විරෝධතා දිගටම පැවැත්වෙයි. විරෝධතකරුවන් විසුරුවා හැරීමට පොලිසිය වෙඩි තබන බව ද වාර්තා වේ.
මේ වනවිට පොලිසිය සමඟ ගැටීමෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ. මේ වනවිට බටහිර බෙංගාලයේ ජංගම දුරකතන සේවා සහ අන්තර් ජාල සේවා අත්හිටුවීමට බලධාරීහු පියවර ගෙන ඇත. ඒ ජනතා නොසන්සුන්තා වැළැක්වීමේ අරමුණින්ය.
ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ බංග්ලාදේශයෙන්, අනවසර සංක්‍රමණිකයන් ලෙස ඉන්දියාවට පැමිණ පදිංචිවී සිටින මුස්ලිම් නොවන වැසියන්ට පමණක් ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීම නව පුරවැසි පනත මගින් සිදුවෙයි. ඒ අනුව එම රටවලින් අනවසර සංක්‍රමණිකයන් ලෙස පැමිණ සිටින මුස්ලිම් වැසියන් ආපසු එම රටවලට පිටුවහල් කිරීම ද මෙම පනත මගින් සිදුවෙයි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)