නව කොරෝනා ප්‍රභේදයකට පාකිස්තානය සූදානම් නැහැ



චීනයේ ව්‍යාප්තවන ආකාරයේ නව කොරෝනා ප්‍රභේදයකට පාකිස්තානය සූදානම් නැති බවත්, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානයේ කොරෝනා වසංගතයක් හට ගැනීම බිහිසුණු ඵලවිපාක ගෙන දෙනු ඇති බවත් ‘ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය’ අනතුරු අඟවයි.

‘ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය’ පෙන්වා දෙන්නේ, පාකිස්තානයේ සියලු යටිතල පහසුකම් මේ වනවිට ඉතා දුර්වල තත්ත්වයක පවතින බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ද කඩා වැටීමට ලක් වී ඇති බවත්ය. පාකිස්තානය ද අයි.එම්.එෆ්. ණය පැකේජයක් අපේක්ෂාවෙන් පසුවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS