නයිජීරියාවේ මහා ගංවතුරට 600 ක් බිලි: මිලියනයක් අවතැන්



වසර 10 කට පසු අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් මියගිය ගණන 600 ක් බවත් මිලියන 1.4 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

විපතට පත්වුණු රටවැසියන්ට කඩිනමින් ආධාර අවශ්‍ය යැයි නයිජීරියානු රජය ජාත්‍යන්තරයට පවසා තිබේ. නයිජීරියානු රජය නිකුත් කළ නිවේදනයකට අනුව, එරට ප්‍රාන්ත 36 න් 27 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවය.

ජල ගැලීම් හේතුවෙන් නිවාස 82,000 ක් සහ වගාබිම් හෙක්ටයාර් 1,10,000 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි නයිජීරියානු මානුෂීය කටයුතු සම්බන්ධ අමාත්‍ය සදියා උමාර් ෆාරුක් පවසා තිබේ.

නයිජීරියාවට මහ මැසි ඇද හැලීම ආරම්භ වූයේ පසුගිය ජූනි මාසයේ සිටය. අගෝස්තු මාසය වනවිට වර්ෂාපතනයේ වැඩිවීමක් දකින්න ලැබුණු බව ජාතික හදිසි ආපදා කළමනාකරණ ඒජන්සිය පවසා තිබේ.

නයිජීරියාව මීට පෙර මේ අයුරින් මහා ගංවතුර තත්ත්වයකින් පීඩා වින්දේ 2012 වසරේදීය. එම ජල ගැලීම්වලින් මියගිය ගණන 363 කි. උන්හිටිතැන් අහිමිවුණු ගණන මිලියන 2.1 කි

(රොයිටර්)


RECOMMEND POSTS