නයිජීරියාවේ ද්විතීක පාසලකට ප්‍රහාරයක්



 

වයඹදිග නයිජීරියාවේ, ද්විතීක විද්‍යා පාසලකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක්, අහසට වෙඩි තබමින්, ගුරුවරුන් සහ දරුවන් බිය ගන්වා, දරුවන් 400 කට ආසන්න පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ.කේ. 47 ගිනි අවිවලින් සන්නද්ධ එම පිරිස පාසල් භූමියට කඩා වැදී ඇත්තේ යතුරු පැදිවලිනි. ප්‍රහාරය එල්ල වූයේ කන්කාරා දිස්ත්‍රික්කයේ පාසලකටය. එය බාලක පාසලක් බව ද පැවැසෙයි.

පැහැර ගැනීම සිදුවී පැය කිහිපයක් ගතවෙද්දී, දරුවන් ද සමඟ සැඟවුණු වනාන්තරයේ පිහිටි තිප්පොලක සිටි සන්නද්ධ කණ්ඩායම ගැන තොරතුරු ලැබුණු අතර, නයිජීරියා රජයේ උපදෙස් අනුව හමුදාව වහා ක්‍රියාත්මක වී තිබේ. නයිජීරියා හමුදාව එම තිප්පොල වැටලූ බවත්, එහිදී දෙපිරිස අතර දරුණු අවි ගැටුමක් හටගත් බවත් පැවැසෙයි.

මීට වසර 6 කට පමණ පෙර, මේ අයුරින්ම, නයිජීරියාවේ බාලිකා පාසලකට ප්‍රහාරයක් එල්ල විය. එම පාසලේ දැරියන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලැබුණි. එම ප්‍රහාරයට සම්බන්ධ වූයේ බෝකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීය.

කන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS